රාජසන්තක කරන ලද ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි රාජසන්තක කළ ඩොලර් 53455ක මුදලක් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදාහැර ඇත්තේ රේගු පනතේ ප්‍රතිපාදන අනුව බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

රේගු පනතේ 164 වැනි වගන්තිය අනුව ඕනෑම කෙනෙකුට රාජසන්තක කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරිමට බලයක් ඇති බව මේ අනුව අදාළ පුද්ගලයා මුදල් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් සුනිල් ජයරත්න මහතා පවසයි.

සිය භාණ්ඩ රාජසන්ත කිරීමට එරෙහිව මුදල් අමාත්‍යරයාට අභියාචනා ඉදිරිපත් කිරිමට අමතරව අවශ්‍යනම් අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමුවිය හැකි බවද ඔහු පැවැසීය.