අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබුණි.

එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි කලා පීඨයේ ගොඩනැගලිල්ලක් තුළ ඉතා රහසිගතවය.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිලි තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර් අලවා ඇති බවද යාපනය පොලීසිය පවසයි.

යාපනය විශ්ව විද්‍යාලය තුල සෑම වසරකම රහසිගතව මෙලෙසින් ප්‍රභාකරන්ගේ රුව යොදාගනිමින් උපන්දිනය සැමරීමට යාපනය සිසුන් පියවර ගෙන ඇත.

එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණි.