රට ගොඩනැගීමට ඇති අවසන් අවස්ථාව මෙය බැවින් යුද සමයේදී මෙන් රට ගොඩනැගීමට සහය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ‘‘ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය’’ නමින් අද (25) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්.

ඔක්තෝබර් 26 වනදා ආණ්ඩු පෙරළියේ පරමාර්ථයක් වුයේ මහ මැතිවරණය අවසන් වන තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණක් බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.