විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ. එහිදී “ජනාධිපතිතුමා උදේට කියන එක නෙමෙයි හවසට කියන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා.. ජනතාව ඉස්සරහට ගිහින් අභියෝග කරන්න කියලා…ජනාධිපතිකමින් අයින් වෙලා ඡන්දයක් ඉල්ලන්න කියලා අපි කියනවා.” යනුවෙන් සඳහන් කළා.