කථානායක කරු ජයසූරයි මහතා විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට ලිපියක් යොමුකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

ඊයේ (20දා) දාතමින් යුත් ලිපියක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව තම නිරීක්ෂණයට ලක්ව ඇතැයිද කථානායක කාර්යාල සඳහන් කරයි.

නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නැති බවත් ඒ නිසා ශ්‍රී ලංකාව අරාජිකව ඇති බව දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.2 අනු ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරයා ගේ එකගත්වය මත ජනාධිපතිධුරයේ බලතල, ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකත්වය තමන්ට හිමිවිය යුතු බව දන්වා අගවිනිසුරු නලින් පෙරේරාට යොමු කළ බවට දැක්වෙන ලිපිය සම්පුර්ණයෙන් අසත්‍ය එකක් බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා.

එවැනි ලිපියක් කථානායකවරයා විසින් යොමු කර නැති බවද සඳහන්.

(පහතින් දැක්වෙන්නේ අගවිනිසුරුවරයාට යැවු බව කියන අසත්‍ය ලිපියයි )