ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යොජනාවක් ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට අවසන්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සදහන් කර සිටින්නේ ජනාධිපතිවරයා සමග කරුණු දෙකක් සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ජාවක නිරත වූ බවයි. මෙහිදී අද (15) දිනයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය ජනාධිපතිවරයා හෙළා දකිනු ලැබූ බවයි මන්ත්‍රිවරයා සදහන් කර සිටියේ.

එමෙන්ම හෙට (16) දිනයේදී පාර්ලිමේන්තුවේ යළි ජන්දයක් කැඳවන ලෙසත් බහුතරය පෙන්වනු ලබන පාර්ශවයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සදහන් කර සිටින්නේ. ඊට අමතරව ජනාධිපතිවරයා සමග සාකච්ජා කරනු ලැබූ අනෙක් කාරණාව සම්බන්ධයෙන් තමන්ට කරුණු හෙළි කිරීමට නොහැකි බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර තමන්ගේ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව අංක 1 පිළිනොගන්නා බව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බව වාර්තා වන්නේ.  තමන් යළිත් පාර්ලිමේන්තුව කල් දැමීමක් සිදු නොකරන බවටද මෙහිදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින් හට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හෙට දිනයේ සිදු කරනු ලබන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා ඇත. පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.