එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ අද (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය ගම්මන්පිල පැවසුවේ, අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපය රටට ඉතා පැහැදිළි ලෙස භික්ෂූන් වහන්සේනමක් පාචිච්චි කරමින්ම පෙන්වා දුන් බවයි.

දඹර අමිල හිමියන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි ඇතුළු භික්ෂූන්වහන්සේලා දෝෂ දර්ශනයට ලක්කළ අයුරු පහතින් අසන්න.