අද (15) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් අතර හමුවක් සිදුවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක සදහන් කර සිටිනවා.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයක් පවත්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට අභියෝග කරන බවයි. 2015 වසරේදී එක්වූ සියළු බලවේග එක්වී ජනාධිපතිවරයා පරාජය කරන බව කියා සිටියා.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.