කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම නීතිඥයින් විසින් තවදුරටත් අධ්‍යනය කරන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය විමල් වීරවංස මහතා සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවයි.