පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග කිරිම නොවැම්බර් 19 දා තෙක් කල් තැබිණ. අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි.

අඛණ්ඩව දින දෙකක් පෙත්සම් විභාග කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒක්සත් ජාතික පක්ෂය ඇතූළු පකෂ කිහිපයක්, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙක් ඇතුළුව පාර්ශ්ව 12ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් ඒ අනුව මැතිවරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහතා ඇතුළු පාර්ශ්ව පහක් ජනපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව සඳහන් කරමින් පෙත්සම්ගොනු කළේය