පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධි ක‍්‍රියාවක් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පවසනවා. එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් පැවසුවේ ඊට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එළඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් නෙත් නිවුස් වෙත කියා සිටියා.