එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

කොළඹදි ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එසේම ඔවුන් නැවත පාර්ලිමේන්තුව රැස්වූ විට එම සහාය ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇති බවද ඔහු පැවැසීය.