ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (13) දහවල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ(12) දිනයේ දී පැවැත්වූ බවත් සතියට සුදානම් කර ගත් අදාළ කැබිනට් තීරණ ගැනීමද ඊයේ සිදුවී තිබේ.

එසේ තිබිය දී අද දිනයේ දී පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා තිබේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මේ වන විට නිල සංචාරයන්හි නිරතව සිටිති.