ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ වත්මන් ආරක්ෂක සූදානම පිළිබඳව පැහැදිළි කරමින් යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහී ලෙස නිමා කර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇති බවත් එම වසර 09 ක කාලසීමාව තුළ අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්ත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර මේ වන විටද එම පුහුණු වැඩසටහන් හා අභ්‍යාස වඩා උසස් මට්ටමකට ගෙනඑමින් පවත්වාගෙන යනු ලබන බව එම නිවේදනයේ මූලික වශයෙන් දැක්වෙනවා.

මෑතකදී ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැති බවද ඉන් පෙන්වා දෙනවා.

තවද වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටිනවා.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)