මෙරට බෞද්ධ ඉතිහාසය පිළිබඳ වෙනත් රටවල ග‍්‍රන්ථවල ඇතුළත්වුවද ඒ පිළිබඳ ශී‍්‍ර ලංකාව දැනුවත් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවැති උත්සවයක් අමතමින්.

වියට්නාමයේ ථෙරවාද බුදුදහම ව්‍යාප්ත කර වීමට ශී‍්‍ර ලංකාව මුල් වී ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී “අපි නිසා ලෝකේ කොටසකට බුද්ධ ධර්මය ලැබිලා ස්ථාවර වෙලා තියෙනවා. මියන්මාරය වුණත්, තායිලන්තය වුණත්, ලාඕසය වුණත්, කාම්බෝජය වුණත්.. වියට්නාමයේ තියෙන්නේ අපේ ලංකාවෙන් සම්බන්ධ වුනු බුදු දහම. මම වියට්නාමයේ ගිය වෙලාවක.. වියට්නාමයේ හෝටලයක තිබුණු පොතක් අහම්බෙන් හම්බවෙලා කියවනකොට දැන ගත්තේ. නමුත් අපි මේ ගැන දන්නේ නෑ. සංස්කෘතික ඇමතිතුමා සමග මම මේ ගැන සාකච්ඡා කරලා.. මේ සම්පූර්ණ ඉතිහාසය ගැන වෙනම කොටසක් ඉදිරිපත් කරන්න කියලා කියනවා.” යනුවෙනි.