ඝාතනය කර තිබු දිවියෙකුගේ සිරුරක් තේ වතුයායක රක්ෂිතයක තිබි හමුවු බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා.

ගම්පොල පොලිස් වසමට අයත් කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුවත්ත තේ වතුයායේ රක්ෂිතයක දිවියෙකුගේ සිරුරක් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් එම සිරුර සොයාගෙන ඒ සම්බන්ධයෙන් නුවරඑළිය වනජීවි කාර්යාලයට ඊයේ (08) දැනුම් දී තිබුණා.

අඩි 6ක් පමණ දිගකින් යුත් මෙම දිවියා ඝාතනය කර දිවියාගේ හිස දඩයක්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ.

අවුරුදු 25-30 අතර වයසකින් යුත් මෙම දැවැන්ත දිවියා වසමිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කර ඇති බවට වනජීවි නිලධාරින් සැක පළ කරනවා.