ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සිමා විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති ලේකම් වරයා වෙත දැනුම්දී තිබේ.

මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් බවද පැවසෙයි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවාවනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.