පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී 01 සහ 02 යන දිනවලදී තමන් අයිති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක සදහන් කර තිබේ.

සියලූ තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 18 වනදාට පෙර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස තැපැල දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් මස දෙවනදා අවසන් වුණා.