නැසී ගිය ව්‍යාපාරික සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ කොළඹ නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තනතුරක් ද පිරිනමා ඇති බව මාධ්‍ය හමුවක දී අනාවරණය වුණා.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් දීපා එදිරිසිංහගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුනා.