ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව අද (04)  පස්වරුවේ 2025 වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩපිළිවෙල තුළින් 2025 වසර වන විට යහ පාලන රජය රට ගෙන යෑමට නියමිත තැන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.

ඉදිරි වසර කිහිපය තුළ ණය ගැනීම අඩු කිරීමටත් ආයෝජන සදහා වැඩි ඉඩක් ලබාදීමටත් රජය කටයුතු කරන බව එහිදී නිවේදනය කිරීමට ද නියමිතයි.

තරුණයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නිසි තැන ලබාදීමටත් කටයුතු කරන බවයි රජය මෙම වැඩපිළිවෙල මගින් පැහැදිළි කිරිමට නියමිතව ඇත්තේ.

ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමතිවරයා සහ රටේ තරුණ නායකයන් ද 2025 වැඩපිළිවෙල එළි දැක්වීම සඳහා සහභාගී වනු ඇති