බුදුහාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරල තියෙන දේවල් විශ්මය ජනකයි. පුදුමයි. බුදුහාමුදුරුවන්ට තිබුණ ලෝකවිදූ කියල ගුණයක්. ඒ කියන්නේ ලෝක ගැන හරියටම දැනගත් තැනැත්තා කියන එක. එතැන ලෝක තුනක් ගැන කියනවා. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන තුනයි ඒ. අපි මෙතන විශ්වය කියන්නේ අවකාශ ලෝකය. අවකාශ ලෝකය නැත්නම් විශ්වය ගැන බුදුහාමුදුරුවෝ විවිධ තැන්වල දේශනා කරල තියෙනවා. එයිනුත් අංගුත්තර නිකායේ සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය විශේෂයි.
අලුතින් ග්‍රහලෝක හතක් හඳුනාගෙන තියෙනව කියල පසුගිය දවස්වල අලුත් ප්‍රවෘත්තියක් මැවිලා තිබුණා. ඇත්තටම මේ ග්‍රහලෝකවලින් සමහරක ජීවින් ඉන්න වුණත් ඉඩ තියෙන බවයි, ඒවා සොයාගත් විද්‍යාඥයන් පවසන්නේ. මේ නිසා ග්‍රහ තාරකා ගැන උනන්දු වන බොහෝම දෙනෙක් මේ ප්‍රවෘත්තියට කලබල වෙලා. අලුත්ම සොයා ගැනීමක්. කොච්චර දෙයක්ද? නවීන තාරකා විද්‍යාඥයන්ට ඒක කොච්චර ගෞරවයක්ද? එහෙමයි විද්‍යාව උගතුන් කියන්නේ.
ඔය එක්කම සමහරු ජ්‍යෙdතිෂඥයන්ට ප්‍රශ්න එල්ල කරනවා. ජ්‍යෙdතිෂයෙන් පලාපල කියන්නේ ග්‍රහ තාරකා වල චලිතය පදනම් කරගෙන. ඉතින් අලුත් ග්‍රහයෝ කීප දෙනෙක්ම තව ඉන්නවා නම් පලාපල කියන්න ඒවත් සලකන්න ඕන නේද? ඔය වගේ ප්‍රශ්න ඇති වෙන එක පුදුමයක් නොවේ. මට හිතුන මේක සාකච්ඡා කරන්න සුදුසු කාලීන මාතෘකාවක් කියලා.
තාරකා විද්‍යාවටත් දිගු ඉතිහාසයක් තියෙන බව ඇත්ත. ඒ ගැන කතාව පටන් ගත්තේ ග්‍රීසියෙන්. මුලින්ම මිනිස්සු හිතාගෙන හිටියේ පෘථිවිය පැතලියි කියල ලු. පෘථිවිය ගෝලයක් බව මුලින්ම ප්‍රකාශ කළේ ග්‍රීක දාර්ශනිකයෙක් වන පෛතගරස්. අනිත් අතට හැමෝම හිතුවේ පෘථිවිය තමයි විශ්වයේ මැද නැත්නම් කේන්ද්‍රය කියලා. ඔය ක්‍රිස්තු පූර්ව 580 – 500 අතරේ. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 100 වෙනකොටත් මේ පෘථිවිය තමයි මැද කියලා ටොලමි ප්‍රකාශ කළා. ක්‍රිස්තු වර්ෂ 1473 – 1543 කාලේ හිටිය නිකොලස් කොපර්නිකස් කීවලු සූර්යයා තමයි මැද කියලා. සූර්යයා වටේට තමයි අනෙක් ග්‍රහලෝක කැරකෙන්නේ කියලා. කොහොම වුණත් මේක ඇස් දෙකෙන් දැකගන්න බැහැ. ඒ කාලේ දුරේක්ෂ තිබුණෙත් නෑ. අන්තිමට ගැලීලියෝ ගැලිලි දුරේක්ෂය නිපදවල අහස නිරීක්ෂණය කරන්නේ ක්‍රි.ව. 1609 විතර. ඊට පස්සේ තමයි සූර්යයා වටේ අනික් ග්‍රහලෝක කැරකෙන්නේ කියලා ඔප්පු වුණේ.
ඔය කිව්වේ තාරකා විද්‍යාවේ ඉතිහාස කතාව බොහොම කෙටියෙන්. ඒ විදිහට බලනකොට සූර්යයා වටේ තමයි ග්‍රහයෝ කැරකෙන්නේ කියලා සොයා ගත්තේ දැනට අවුරුදු හාරසීයකට විතර ඉස්සරින්නේ.
ඒ වුණත් මේ කතාව සම්පූර්ණ ඇත්තක් නොවෙයි. බටහිර රටවල්වලට මේක ඇත්ත වෙන්න පුළුවන්. ඒ ගොල්ලෝ ග්‍රහ තාරකා ගැන දැනගත්ත විදිහ තමා ඒ කියන්නේ. ඒ වුණාට ජ්‍යෙdතීර් විද්‍යාවට අනුව නම් ග්‍රහයන් සහ තාරකා විතරක් නෙවෙයි ඒවා චලනය වෙන විදිහත් සොයාගෙන තියෙන්නේ දැනට අවුරුදු දහස් ගණනකට ඉස්සරින් බවයි පේන්නෙ.
ලෝකය ගැන, විශ්වය ගැන පෙරදිග අයට තිබුණ දැකීම විශ්මයජනකයි. ඒ වුණත් අද පෙරදිග තියෙන්නේ බටහිර විසින් බලෙන් උගන්වපු දැනීමක්. ඒක වුණේa ලංකාව, ඉන්දියාව වගේ රටවල් අධිරාජ්‍යවාදීන් විසින් යටත් කරගත් නිසයි. මේ නිසා අද අපේ උගත්තු අපේම ඉතිහාසය ගැන හොයන්නේ කලාතුරකින්.
හරියට මේ වගේ. ගමක ඉන්නව සශ්‍රීක පවුලක්. ගේදොර, වතුපිටි, මිල මුදල් වගේම දැනුම අතින් පොහොසත් මේ පවුලේ කාලෙකදි කාලකණ්ණි දරුවෝ බිහි වෙනවා. ඒ අය, ගේ දොර ඉඩම් උගස් කරලා දුප්පත් වෙනවා. අන්තිමට ගමට ආපු මුදලාලි කෙනෙක් මේ වතුපිටි සල්ලිවලට ගන්නවා. එයා අලුතින් දියුණු වෙනවා. මේ පවුලේ පරම්පරා දෙක තුනක් යනකොට ඒ අයගේ සමෘද්ධිමත් ඉතිහාසය දන්නේ නෑ. ඉතිං මේ අලුත් පරම්පරාව හිතනව අර මුදලාලි තමයි ගම දියුණු කළේ කියලා. හැමදේම දන්න ප්රභූවරයා වෙන්නේ මේ පිටගංකාරයා.
අපිටත් වෙලා තියෙන්නේ ඕක තමයි. අපි හිතන්නේ අපිට පාරවල් හදල දුන්නේ, රටට දියුණුව ලැබුණේ, විද්‍යාව ඉගැන්නුවේ සුදු මහත්වරු කියලා. අපි අඳින්නෙත් සුද්දන්ගේ ඇඳුම. කන්නෙත් ඒ ගොල්ලන්ගේ කෑම. කතා කරන්නෙත් ඒ අයගේ ඉංග්‍රීසි භාෂාව. රට බෙහෙත්, රට ඇඳුම්, ඔක්කොම එහෙමයි. අද පෙරදිග ධාන්‍යාගාරයේ බොන වතුර වලත් වස විෂ.
අපි මෙහෙම කියන්නේ තරහකින් නොවේ. හේතු ඇතුව. ලංකාව වගේ රටවල්වල මිනිස්සු ග්‍රහ තාරකා ගැන දැනගත්තේ කොයි කාලේ ඉඳලාද?. මේක දැනගන්න නම් අපි අපේම ඉතිහාසය කියවලා බලන්න ඕන.
පෘථිවිය වටේට තියන චක්‍රය අංශක 360 ක්. සූර්යා වටේ අනික් ග්‍රහලෝක කැරකුණත්, අපිට ඒවා පේන්නේ පෘථිවියේ ඉඳලා දකින විදිහටයි. එතකොට මේ අංශක 360 කොටස් දොළහකට බෙදල. ඒ කොටස් 12 රාශි 12 හිමිකරලා තියෙනවා. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, කියන්නේ මේ රාශි දොළහ. කෙනෙක් ඉපදෙනකොට නැගෙනහිරින් උදාවුණ රාශිය තමයි ලග්නේ කියන්නේ. ඔය අංශක 360 ම කොටස් විසි හතකට බෙදපුවහම ඒ කොටස් ඇතුළේ තියෙන තාරකා පංතිවලට නැකත් තරු කියලා කියනවා. නැකත් විසිහතක්. අස්විද, බෙරණ, මුවසිරස ආදී නම් විසිහතකින් ඒවා හැඳින්වෙනවා. යම් වෙලාවක සඳු ග්‍රහයට කෙළින් තියෙන නැකත් තරු පංතිය තමයි උපන් නැකත. ඉතිං මේ අහසේ තියෙන තරු පංති.
හැබැයි මේ තාරකා පංති, ග්‍රහයෝ එහෙම පෙරදිග ලෝකයේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙන්නේ ගැලීලියෝ ඉපදිලා දුරේක්ෂය හදන්න අවුරුදු දහස් ගණනකට ඉස්සර. මහා වංශය කියවනකොට ඒක ඔප්පු වෙනවා. ශ්‍රී මහා බෝධිය රෝපණය වුණේ Ñරෙහෙණ නැකතින්. මහා සෑය ආරම්භ කළේ Ñවිසා නැකතින්. රෙහෙන, විසා කියන්නේ තරු පංති. කොටින්ම සිදුහත් කුමාරයා ඉපදුණේ විසා නැකත කියන තරු පංතිය උදා වෙනකොට. සිදුහත් කුමාරයා ඉපදුණේ ගැලීලියෝට කොච්චර ඉස්සරද?.
දෛවඥ කාමෙනු කියන පොතේ මේ ග්‍රහ චලිතය ගැන ගණිත ක්‍රමය තියෙන්නේ අකුරුවලට ආදේශ කරලා. දෛවඥ කාමෙනු කියන්නෙත් ගැලීලියෝට ඉස්සර කාලෙක ලියපු පොතක්. අනික zවරාහ මිහිරයZ කියන ග්‍රන්ථය. ක්‍රි.ව. 505 ලියලා තියෙන මේ පොතේ ග්‍රහ චලිතය, රාශි, නැකත් තරුවල චලිතය ගැන ලියල තියෙනවා. ග්‍රහ ගණිතය මේ පොත්වල තියෙනවා.
මේකෙන් ඔප්පු වෙන්නේ තාරකා දැකලා බටහිර විද්‍යාඥයෝ කියන දේවල් අලුත් දේවල් නොවන බවයි. මෙතනදි පෙරදිග Rෂිවරු ජ්‍යෙdතීර්වේදීන් ග්‍රහ චලිතය දැන ගත්තේ දුරේක්ෂවලින් නොවේ. මේ නිසා අලුතින් ග්‍රහයන් සොයා ගැනීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න ඕන මේවා බොහොම ඈත අතීතෙ හිටිය අප කීවේ කොහොමද කියන එක ගැනයි.
විශේෂයෙන් බුදුහාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරල තියෙන දේවල් විශ්මය ජනකයි. පුදුමයි. බුදුහාමුදුරුවන්ට තිබුණ ලෝකවිදූ කියල ගුණයක්. ඒ කියන්නේ ලෝක ගැන හරියටම දැනගත් තැනැත්තා කියන එක. එතැන ලෝක තුනක් ගැන කියනවා. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන තුනයි ඒ. අපි මෙතන විශ්වය කියන්නේ අවකාශ ලෝකය. අවකාශ ලෝකය නැත්නම් විශ්වය ගැන බුදුහාමුදුරුවෝ විවිධ තැන්වල දේශනා කරල තියෙනවා. එයිනුත් අංගුත්තර නිකායේ Ñසහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය විශේෂයි.
සි‚ බුදු හාමුදුරුවන්ගේ කාලේ අභිභූ කියන හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා චක්‍රාවාට දාහකට ශබ්දයක් ඇහෙන්න සැලැස්සුවාය කියලා බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පවසනවා. ඉතිං ආනන්ද හාමුදුරුවෝ, බුදු හාමුදුරුවන්ට කොච්චර දුරකට ශබ්දයක් ඇහෙන්න සලස්වන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. අනේ බුදු හාමුදුරුවනේ විස්තර කරන්න කියලා ඉල්ලපු වෙලාවේ බුදු හාමුදුරුවෝ ලෝකය ගැන විස්තර කරන්නේ මෙහෙමයි.
Ñආනන්ද, සඳ හිරු දෙදෙනා යම්තාක් ප්‍රදේශයක ගමන් කරද්දී බබළමින් සියලු දිශා ආලෝක කරද්දී එබඳු දහසක් චක්‍රවාට ආලෝක වෙයි. ඒ චක්‍රවාට ලෝකයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගෝයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්ව විදේශ වෙයි. මහා සමුද්‍ර හාරදහසක් ඇත. වරම් රජවරු හාරදහසක් වෙයි. චාතුර්මහා රාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි. තුසිත දෙව්ලෝ දහසකි. නිර්මාණ රතී දෙව්ලෝ දහසකි. පරනිම්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්දය, මේ දහසක් සක්වලින් යුත් චූලපනි ලෝක ධාතුව යෑයි කියනු ලැබේ.
Ñආනන්දය යම්තාක් සහශ්‍රී චූලනී ලෝක ධාතුව වෙයිද ඒ තාක් දහසින් ගණන් වු ලෝකයන් වෙයිද ආනන්ද මෙය චක්‍රවාට දශලක්ෂයක් වූ ද්වි සහශ්රි මධ්‍යම ලෝක ධාතුව යෑයි කියනු ලැබේ. ආනන්දය යම්තාක් ද්වි සහ ශ්‍රී මධ්‍යම ලෝක ධාතුව වෙයි ද ඒ තාක් දහසින් ගුණකළ කෙල ලක්ෂයක් චක්‍රවාට වෙයිද ආනන්දය ත්‍රී සහ ශ්‍රී මහා සහ ශ්‍රී ලෝක ධාතුව යෑයි කියනු ලැබේ.
මෙම සූත්‍රයෙන් බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේට කැමති නම් මේ මහා සහශ්රි ලෝක ධාතුවට අයත් ලෝකවල සත්වයන්ට ඇහෙන්න ශබ්ද කරන්නත් ආලෝකය පතුරවන්නත් කතා කරන්නත් පුළුවන් බවයි.
ඉතිං මේ අංගුත්තර නිකායේ එන සූත්‍රය විස්තර කරන විදිහට සූර්යයන් කෝටි සීයක් පවතින මේ විශ්ව පථයන් ගැන කියෑවෙන බව පැහැදිලිව පේනවා. එතකොට සඳ හිරු එළිය වැටෙන ප්‍රදේශයේ විතරක් තවත් දඹදිව් දහසකි….. ඔය විදිහට ප්‍රකාශ කරනකොට පේන්නේ සත්වයන්, සාමාන්‍ය සත්වයින් නොවේ මිනිස්සු වගේම අය ඉන්න ලෝක කෝටි ගාණක් තියෙනවා කියලා නේද?
බුදු හාමුදුරුවෝ මේ දේශනය කරන්නේ අවුරුදු දෙදාස් පන්සිය ගණනකට ඉස්සර. ඉතිං කවුරුහරි කීවොත් පෘථිවිය වගේම ලෝක හතක් දුර බලන කණ්නාඩිවලට පේනවා. නැත්නං චන්ද්‍රිකා කැමරාවලින් රූගත කරලා තියෙනවා කියලා එකේ පුදුමේ මොකක් ද?
රතන සූත්‍රය මහානුභාව සම්පන්න දේශනාවක් බව සඳහන් වන අතර එක එක ගාථාවක බලය කෝටි ලක්ෂයක් සක්වල වල අමනුෂ්‍යයන් විසින් පිළිsගන්නා ලද බව අටුවා ග්‍රන්ථවල සඳහන් Ñඉමිස්සාමි ගාථාය ආණා කෝටි සත සහස්ස චක්කවාලේසු අමනුස්සාපි පටිග්ගහිතං යන පාඨයෙන් තහවුරු වෙනවා. ඉතිං චක්‍රවාට කියල දැං විද්‍යාවේ කියන මේ වචනෙත් මුලින්ම එන්නේ බණ පොතේ.
අපි මේ ලිපියෙන් කතා කළේ ලෝක ගැන. ජ්‍යෙdතිෂය කියන වචනෙම තේරුම ආලෝකයට දිලිසීම කියන එක. මෙතන කියන්නේ ග්‍රහලෝකවල ආලෝකය නැත්නම් දිලිසීම. ඉතිං ග්‍රහලෝකවලින් මිනිසා නැත්නම් පරිසරයට ඇති කරන සුබා සුබ බලපෑම ගැන කියන්න කලින් ග්‍රහ තාරකා හඳුනා ගන්න ඕන. අවුරුදු පන්දාහකටත් වඩා ඈත අතීතයක් තියන ජ්‍යෙdතිෂය බිහිවුණේ කලින්ම ග්‍රහ තාරකා ගැන දැනගෙනයි.
Rෂිවරු කියන්නේ බුද්ධත්වය ලබපු අය නොවේ. ඒ අය අභිඥා ලාභී සිත දියුණු කරගත් අය. ඒ අය විශ්වය යම් දුරකට දැකලා අවබෝධ කරගත්තා. ජ්‍යෙdතිෂ පොත්වල තියෙන මේ ඡේදය දිහා විමසිල්ලෙන් බලන්න.
“අරුන්දතී තරුව නොපෙනී යැම ආයුෂ හමාර බවට පෙර නිමිත්තකි. අරුන්දතී තරු දෙකක් අහසේ තිබේ. එකක් වෘෂභ රාශි තරු මණ්ඩලයේ වෘෂභයාගේ ඇස ළඟම තිබෙන කුඩා තරුවය. අනෙක මහා වලසා නම් තාරකා මණ්ඩලයේ තිබෙන ප්‍රධාන තාරකා හතෙන් එකකි. මේ තාරකා හත කෘතු, පුලඟ, පුලස්ති, අත්‍රි, අගේරස, වශිෂ්ට, මරිච් කියා නම්කර තිබේ. මේ Rෂිවරුන් හත්දෙනකුගේ නම්ය.
පැරැණි උතුමන් මේවා දැකීමට ක්‍රම දෙකක් භාවිතා කර ඇති බව පේනවා. එකක් නම් භාවනා මගින් තම සිත උසස් තත්ත්වයකට පත්කර ගැනීමෙන් ලැබු අන්තර් ඥානයයි. අනික පියවි ඇසින් බැලීම. පියවි ඇසින් කොහොමද දුරේක්ෂයකින් දැකිය යුතු දේවල් දැක්කේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොටත් අපිට අතීතයේ තිබුණු විශිෂ්ට කලාවක් ගැන සොයලා බලන්න වෙනවා. කලා කියන්නේ සෞන්දර්ය කලාවම නෙවේ. විවිධ විෂයයන්.
මේ වගේ විෂයයන් (කලා) හැටහතරක් තිබිලා තියෙනවා. එයින් එකක් තමා Ñදූර දර්ශනය කියන්නේ. ඒ කියන්නේ දුර බලන ක්‍රමය. ඒක කරල තියෙන්නේ යම් විශේෂ බොහෙත් ජාතියක් ඇස්වලට දාල. බෙහෙත දාපුවහම ඇහැ දුරේක්ෂයක් වගේ වෙනස් වෙනවා කියලයි හිතන්න තියෙන්නේ. ඒ තමයි දුර බලපු දෙවැනි ක්‍රමය.
ඉතිං මේවයින් හොඳටම පේනවා ජ්‍යෙdතිෂය කොයිතරම් දියුණු තත්ත්වෙක තිබුණද කියල. අද ඊනියා උගතුන් ජ්‍යෙdතිෂයට අවඥා කරනවා. ධර්මයට ප්‍රසිද්ධියේ අවඥා නොකළත් බොරු තර්ක විතර්ක කරනවා. ඉතිං මේ වගේ තර්ක කරන ගමන් සියලු විද්‍යාවන් සොයාගැනීමේ ගෞරවය විද්‍යාඥයන්ටයි දෙන්නේ.
ජංගම දුරකථන නොතිබුණු කාලෙක, පරිගණක නොතිබුණු කාලවල ඈත ඉන්න අය එක්ක කතා කරන හැටි, දකින හැටිත්, අහස්යානා නැතිව අහසින් යන හැටිත් මේ Rෂිවරු දැනගෙන හිටියා. ඒ වගේම තමයි දුරේක්ෂය නැතිව දුර බලන හැටිත් දැනගෙන හිටියා. මේවා ගැන දැනගන්න නම් අපේ පැරැණි ගෙවල්වල සමහර පන්සල්වල අල්මාරි ඇතුලේ හැංගිලා තියෙන පුස්කොල පොත්පත් කියවල බලන්න ඕන. ඒ විශිෂ්ට දැනුම සොයා අතීතයට යන්න කියලයි අපි ඔබට ආරාධනා කරන්නේ.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්