බැඳුම්කර ගැසට්‌ පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා  පැවැසීය.

බැඳුම්කර ගැසට්‌ පත්‍රය සිය නම හොරට යොදා ගැනීම පිළිබඳ තමාට පමණක්‌ නොව මුළුරටේම ජනතාවට නීතිය හමුවට යා හැකි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඊට හේතුව මුදල් ප්‍රශ්න පොදුවේ සියලු ජනතාවට බලපාන නිසා බවද කීය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද මෙම ප්‍රශ්න මුළු රටේම ආන්දෝලනයට ලක්‌වෙනවා දියතලාවේ සිට අද හෙටම කොළඹ පැමිණි විගස මේ පිළිබඳව නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරනවා. මෙම ප්‍රශ්නය පිළිබඳව නීතිය හමුවට යන ලෙසට අභියෝග කර ඵලක්‌ නැහැ. මම එම අභියෝගය ඉතාමත් සතුටින් භාරගන්නවා.