මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝහල් ගත කර තිබෙනවා.

දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

අද (28) අලුයම 4.30 ට පමණ ඔහු මෙලෙස හදිසියේ රෝගී වී තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ සිටි දුමින්ද සිල්වා අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණා.

දුමින්ද සිල්වා සඳහා පොලිස් ආරක්ෂාවද දැඩි කර ඇති බව සඳහන් කෙරුණා.

බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ දුමින්ද සිල්වාට අලුයම වමනය පිටවීමක් සමග මෙම රෝගී තත්ත්වය මතුව ඇති බවයි.