ඉදිරි මාස කිහිපයේදී නව රැකියා ලක්ෂ 6ක් පමණ බිහි කිරීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ එය භාරගැනීම සඳහා රටේ තරුණ පරපුර සූදානම් විය යුතු බවයි.

අඩු පඩියට වැඩ කරන යුගය අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

නව තාක්ෂණය සමග ගනුදෙනු කරන තරුණ පරපුර රටේ අනාගතය කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ.

ඉන්දියාවෙන් ඊට හොද උදාහරණ ලබාගත හැකි බවද ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.