කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු අද සොයා ගැණුනා.

එක් මළසිරුරක් සොයා ගැනුණේ බේරුවල, වෙරළ තීරයට ගොඩගසා තිබියදීයි.

ඔහු විසි පස් හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිඛෙනවා.

මොහුගේ බිරිදද මෙම බෝට්ටු අනතුරෙන් ජීවිතක‍ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.

අනෙක් මළසිරුර සොයා ගැණුනේ බලපිටිය, වැල්ලබඩ වෙරළ තීරණයට ගොඩගසා තිබියදීයි.

මියගොස් ඇත්තේ හත් හැවිරිදි පයාගල ප්‍රදේශයේ දරුවෙක්.

සොයාගැණුනු මෙම සිරුරු දෙකත් සමග බෝට්ටු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදාව සහ පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

මේ අතර බම්බලපිටිය මුහුදු තීරයට ගොඩගැසු පුද්ගල මළසිරුරක් අද උදෑසන සොයැගැණුනා.

කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ.