ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිඛෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාව  සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික  කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා.

අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල  අද විභාගයට ගත් අවස්ථාවේදි මේ තිරණය ගෙන තිබෙනවා. ඒ අනුව මිළග ටි ටුවෙන්ටි තරගය සහ එළඹෙන ඔස්ට්‍රිලියානු එක්දින තරගාවලියේ ප්‍රථම තරගය දික්වැල්ට තහනම් කර තිබෙනවා.