මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම කොළඹ මහාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයේදී අද පස්වරුවේ රැස් වුණා.

එ් එම කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා පත් කළ මෙම කොමිසමේ සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේළුපිල්ලේ යන අයයි.