පසුගිය (28) වන දින සිට සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ උපසභාපතිවරයා අතුරුදන්ව ඇතැයි එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය මහතා ප‍්‍රකාශ කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

2016 දෙසැම්බර් 26 වන දින සිට ටෙලිකොම් මෑන් පවර් සේවකයෝ ඔවුන් ටෙලිකොම් ආයතනයට අන්තර් ග‍්‍රහණය කර ගන්නා ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක නියැළි සිටියි. විෂයභාර අමාත්‍යවරයා මේ සඳහා නිර්දේශය ලබා දී තිබුණ ද, ටෙලිකොම් පාලන අධිකාරිය ඒකාධිපති ස්වරූපයෙන් හැසිරෙන බව ඔවුන් කියා සිටියේ ය.

මෙවැනි පසුබිමක් තුළ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අතුරුදන් වීම සිදු කර ඇතැයි සමස්ථ ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි. පන්නිපිටියේ පිහිටි ඔහුගේ නිවසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට ඔහු අතුරුදන්ව ඇති බවත් මේ පිළිබඳ පොලිස්පතිවරයා, අගමැති හා ජනාධිපති දැනුවත් කළ බව ද ඔවුන් සඳහන් කරයි.