මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නවීන තාක්ෂණය කැටිකරගත් වෙසක් කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.  මෙවර අන්තර් ජාතික වෙසක් දිනය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් වෙසක් කලාපයක් පාර්ලිමේන්තුව අවට මේ දියවන්න ප‍්‍රදේශයේ දියත් කිරීමට බලාපොරොත්තු වන එතර එහිදි විශේෂයෙන්ම ආමිස පූජා මෙන්ම ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙන වර්තමාන නවීන තාක්ෂණයට ගැලපෙන නව වෙසක් කලාපයක් මෙම කලාපයේ නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ප‍්‍රධාන වෙසක් කලාපය අපේ ගම පරිශ‍්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ පැවැත්වෙන අතර දියවන්නාව ආශ‍්‍රිත ජලතලය  රාත‍්‍රී කාලයේදී විශේෂ ආලෝකකරණයක් සිදු කිරීමට නියමිත බවත්, දිවා කාලයේදී ඒ සඳහා වෙච්ච වෙසක්වලට ගැලපෙන ආකාරයේ කි‍්‍රයාවලියක් දියත් කරන්න බලාපොරොත්තු වෙන බවත් එය නව අත්දැකීමක් වෙනවා ඇත. මේ ප‍්‍රදේශයේ තිබෙන ජල තලයත්, නවීන ලේසර් තාක්ෂණය සහ එල්.ඊ.ඞී. තාක්ෂණය පාවිච්චි කර ගහකොල ඇතුළු ඒ සියල්ලම විධිමත් ආකාරයකට ආලෝකකරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.