ඒකාබද්ධ විපක්‌ෂයේ “පෙරළියක ඇරඹුම” ජනරැළිය අද (27 දා) පස්‌වරු 2.30 ට නුගේගොඩදී පැවැත්වෙන අතර, ඊට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ සහභාගි කරවීමට සංවිධායක මණ්‌ඩලය සැලසුම් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පළාත් සභා මැති ඇමැතිවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු ග්‍රාම සේවා කොට්‌ඨාස 14000 ක්‌ නියෝජනය කරමින් විශාල පිරිසක්‌ රැස්‌ වන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායකයෝ පැවැසූහ.

ආණ්‌ඩු විරෝධී සියලු බලවේගයන්ගේ ඒකරාශි වීමෙන් පැවැත්වෙන මෙම රැලිය මෙතෙක්‌ පැවැති ආණ්‌ඩු විරෝධී රැලිවලට වඩා අති විශාල පිරිසක්‌ සහභාගි වන ඓතිහාසික රැලියක්‌ වනු ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රට බෙදන ව්‍යවස්‌ථාවට, මැතිවරණ කල් දැමීමට, ජීවන වියදම ඉහළ යැමට, රාජ්‍ය ආයතන විකිණීමට, හොරකමට එරෙහිව මෙම ජන රැලිය සංවිධානය කර තිබේ. එහිදී සිරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ විශේෂ ප්‍රකාශයක්‌ද රැලියට ඉදිරිපත් කිරීමට නියමිතය.

රැළිය සදහා සුදානම් වන අයුරු: 16195622_1533186090042931_3403061228492288743_n16195543_1533178010043739_4603681002164250189_n