එළඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැළියට සහභාගිවීමට සිටි දැනට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට එදිනට සහභාගි නොවන ලෙස උපදෙස් ලබාදුන් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

මේ වන විට විමල් වීරවංශ සිරගත කොට ඇති අයුරින්ම 27 වැනි දින නුගේගොඩ රැළියට සහභාගිවන මැති ඇමතිවරුන්ගේ දරුවන්ටද සිරගෙවල්වල ළගින්නට සිදුවිය හැකි බැවින්, දේශපාලනඥයින් දුක් විඳීම ප්‍රශ්නයක් නොවුණත්, ඔවුන්ගේ දරුවන් නිරපරාදේ දුක්විඳිය යුතු නැති බැවින් මෙම රැළියට එක්වීමට සිටි අයට එක්නොවන ලෙස උපදෙස් දුන් බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අද (24) මේ බව සඳහන් කළා.