හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශය හෝ ඒ හා සම්බන්ධ කිසිදු ආයතනයක කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු උපදේශක ලෙස මේ වනවිට කටයුතු කරමින් සිටින බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.