ලබන මස 07 වෙනිදා දක්වා අද (24) පෙරවරුවේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අධිකරණයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවෙන් පාර්ලිමේන්තුව උනුසුම් මුහුණුවරක් ගත්තා.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු අදහස්  පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ, “මේ කතා කරන වෙලාවේ මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව..කරුණාකරලා මහත්වරුනි මට කතා කරන්න අවස්ථාව දෙන්න.. මේ පාදඩ දේශපාලනයට අභියෝග කරන මිනිස්සුන්ගෙන් පන්න පන්න පළි ගන්න වෛරී ගමනක අද තමුන්නාන්සේලා යනවා.. මහත්වරුනි..තමුන්නාන්සේලා හිතනවා නම් ඔය දඩයමට බයේ යටත් වෙන මිනිස්සු මේ පැත්තේ ඉන්නවයි කියලා..ඒක බොහොම වරදවා තේරුම් ගැනීමක්. මේ ලෑස්ති වෙන්නේ රට බේර ගත්තු නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා..ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ රැසක් දඩයම් කරලා හිර ගෙවල් ඇතුළට යවලා..දේශපාලන තනි අයිතිය ලියා ගන්නයි. අපිව හිර ගෙවල් එකක නෙමෙයි..සියයක දැම්මත් මේ දේෂද්‍රෝහි ආණ්ඩුව එලවන තුරු අපේ සටන අපි අතහරින්නේ නැහැ. ඒ සටන වෙනුවෙන් ජීවිතය වුනත් දෙන්න අපි සූදානම්. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ.” යනුවෙනි.