රජයේ වාහන අවභාවිත කිරීමේ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ උසාවියේ වාඩි ගෙන සිටි පුද්ගලයකු හදිසියේ නැඟිට විමල් වීරවංශට පක්ෂව කෑකෝ ගසන්නට වීම නිසා ඔහු උසාවි සිර මැදිරියට දමන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.

මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එම පුද්ගලයා පවසා තිබෙනවා.