අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ පි‍්‍රයංකර ජයරත්න අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තා.

එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් සමග සභා ගර්භයට පැමිණි මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිලගේ අසුන අසලින් අසුන්ගත් බවයි වාර්ථා වුයේ.

කෙසේ වෙතත් පි‍්‍රයංකර ජයරත්න මන්ති‍්‍රවරයාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන්කර තිබුණද ඔහු එහි අසුන්ගත්තේ නැහැ.

මේ සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබෙන්නේ තමන් විපක්ෂයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරුන් සමග කටයුතු කරන බවයි.