ආනයනික සහල්මත පනවා තිබූ බදු කිහිපයක් ඉවත් කිරීමට අද (06) පැවති ජීවන වියදම් කැබිනට් අනුකමිටුවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව සම්බා, නාඩු සහ රතු කැකුළු සහල් කිලෝවක් සඳහා අය කෙරුණු රුපියල් 50 ක රේගු බද්ද ඉවත් කෙරුණු බවයි මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව ආනයනික සහල් කිලෝවක් මත පනවා තිබූ සියයට 15 ක වැට් බද්ද, සියයට 7.5 ක වරාය හා ගුවන් තොටුපොල බද්ද සහ සියයට 2 ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද ද ඉවත් කර තිබෙනවා.

රුපියල් 15 ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද පමණක් ආනයනික සහල් සඳහා අය කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.