හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැක පළ කරනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ අද (15) පැවැත්වෙන වැඩමුළුවකදී ඔහු මේ බව කියාසිටියා. මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ පළාත් පාලන මහජන නියෝජිතයන් වෙනුවෙන්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ “මේක වර්ජනයක් කඩාකප්පල් කරන්න නාවික හමුදාව යොදා ගත්තු අවස්ථාවක්. විශේෂයෙන් නාවික හමුදාපතිවරයා යුද්ධ කාලයේ ඉතාම දක්ෂ නිලධාරියෙක්. මේක පෙළඹවීමක්. ජනතාව තුළ හමුදාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරව ගන්න කරපු වැඩක්.” යනුවෙනි.