දුප්පත් කොල්ලෙක් එක්ක පෝසත් කෙල්ලෙක් යාළු වෙනවා.ඊට පස්සේ ගෙදරින් ප්‍රශ්න එනවා.ඕක තමයි ඉතින් අපේ රටේ තියන කථාව.ඕක අඩු වැඩි විදිහට කට්ටිය ඒ මේ අත වනනවා.ඒක ලේසියෙන් පෙන්න තියන එක හින්දා කට්ටිය උඩ දාගෙන බලනවා.ඒ ත්මයි ලංකාවේ බහුතරයක් සිංදු වල රූප රචනා වල හැටි.

ළඟදී “You Tube “එකෙ දකින්න හම්බ වුනා ඔයිට වඩා හත්පසින්ම වෙනස් වැඩක්.ඒ කියන්නෙ වෙනස්ම විදියක සිංදුවකුයි,වෙනස්ම රූප රචනාවකුයි.සමහරවිට ඕගොල්ලොත් දකින්න ඇති.ඔය කියන සිංදුව කරල තියෙන්නේ සිංහල රොක් අහන අය අතර ප්‍රසිද්ධ ජින්නා.එහෙමත් නැත්නම් ජිනිදු ප්‍රවීන්.කවුරු කවුරුත් දන්නවා ජින්නා කියන්නෙ අමුතුම වැඩක් කරන ගායකයෙක් කියල​.කවුරු මොනවා කිවුවත් තමන්ගේ තාලය​,මනුස්සකම වෙනස් කරන්නේ නැති මේ ගායකයා මුලින්ම ශාස්ත්‍රිය සංගීතය හදාරපු කෙනෙක් පසු කාලීනව තමන්ගේ වැඩිමහල් සහෝදරයා නිතරම අහන සංගීතයට ඇලුම් කල මොහු රොක් සංගීතය තුලින් ඉදිරියට එනවා.තව කාරණාවක් තිය්නවා.ඒ තමා මේකේ සංගීතය ඒක කරල තියෙන්නේ ජින්නම තමයි.ඒකේ වෙනසක් තියෙන්නත් හේතුව එකම තමයි.ලසිත ජයනෙත්තිආරච්චිගේ ඒක අහලා පුරුදු නමක් නේද ?අන්න එයා තමයි මේකේ පද රචනය කරල තියෙන්නේ.ජින්නා පටන් ගත්තා තැන ඉඳලා මේ දකවා ඔහුත් එක්ක ඉන්න කෙනෙක් තමයි ලසිත කියන්නේ.

ඕගොල්ලන්ට දකින්න හම්බ වුන රූප රචනයේ පටන් ගැන්ම සිද්ධ වෙන්නේ අපි කවුරුත් හොඳටම දන්න උදේ හවා ගිහිල්ලා එන මුහුණු පොතෙන් තමයි.රූප රචනයේ අධයක්‍ෂනය සිදුවන්නේ මහසෙන් කළහේගේ අතින්.ඔහු සම්මාන ලාභී කෙටි චිත්‍රපට කරුවෙක් සහ දැනට වෙළඳ දැන්වීම් ලිවීවේ කලාවේ යෙදිලා ඉන්න කෙනෙක්.අපිට දැනගන්න හම්බුන විදියට ජින්නා පුර්ණ නිදහස දීලා තිය්නවා මේ වැඩේ කරගෙන යන්න.ඒකම හේතුවක් වේන්නා ඇති මේ වැඩේ හිතේ නිදහසෙන් රසවිඳින්න පුලුවන් වෙලා තියෙන්නේ.වැඩේ බලපු හැටියෙම කියන්න පුලුවන් කලමණාකරු විදියට ලක්මල් රණසිංහ කැපවීමෙන් එය කර ඇති බව.ඒ වගේමයි මේක පිටිපස්සේ තවත් අය ගොඩාක් හිටියා.ඒ තමයි තිලක්‍ෂිණි,තිසුන්,සැන්ඩි,මලික්,අංජුල,මදුසංඛ සහ අමතක කරන්න බැරි පරණ ගෙදර ලබා දුන්න කළහේ  පවුල.ඉතින් අපි අවුන්ට ජයවේවා කියල ප්‍රර්ථනා කරමු.තව තවත් මේ වගේ අලුත් වැඩ කරගෙන යන්න.