භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.

ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් නඩුවේ තීන්දුව ලබා දී තිබෙනවා.

දුමින්ද සිල්වා ඇතුළු පහකට එහිදී මරණ දඬුවම නියම කර තිබෙනවා.

2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී මෙම ඝාතන සිදුවුණා.

නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවන් වනවා.

චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.