චන්දිමාල් අද තරගයේදී තම 4වන එක්දින ශතකය වාර්ථා කරන්නට සමත් උනා. එහිදි ලකුණු 102 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ක් දක්වා රැගෙන යාමට මහගු දායකත්වය දැක්වුවා.

මේ අතර අද තරගයේදි තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින ඉනිම ලකුණු 42 කට අවසන් වුණා.

ඩිල්ෂාන් සිය ඉනිම නිමකර කී‍්‍රඩාගාරයට යන අවස්ථාවේ තරගයට නැරඹීමට දඹුල්ල කී‍්‍රඩාංගණයට පැමිණ සිටි පේ‍්‍රක්‍ෂකයින්ට සිය ආචාරය පුද කිරීමද දක්නට ලැබුණා.

ඒ අවස්ථාවේ කී‍්‍රඩා ලෝලීන්ගෙන්ද ඔහුට හිමිවුයේ උණුසුම් සමුගැනීමක්.

එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ වයස අවුරුදු 35 පසූවූ ක්‍රීඩකයන් අතර තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණ ගෙන සිටිනවා.

වයස අවුරුදු 35න් පසුව ඩිල්ෂාන් සහභාගී වූ එක්දින තරග 116 කදී ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශණය කළා.
වයස අවුරුදු 35න් පසුව වැඩිම දක්ෂතා ප්‍රදර්ශනය කළ දෙවැන්නා වන්නේද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරීයයි.

ජයසූරීය වයස අවුරුදු 35න් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට එක්දින තරග 129කට ක්‍රීඩාකර තිබුණා.