දිවයින ජාතික පුවත් පතේ පළවන අංක විද්‍යා ලිපි එකතුව කියවන්න. අංක විද්‍යාවෙන් ඔබේ දෛවය දැන ගන්න. අංක විද්‍යා උපදේශක
ප්‍රියන්ත ලාල් රත්නායක මහතා මුණ ගැසෙන්න- අමතන්න- 0771 077 074

අංක විද්‍යාව පිළිබඳ මුල්ම පර්යේෂකයා වශයෙන් හැඳින්වෙන්නේ ග්‍රීක ගණිතඥයෙක්‌a වූ පයිතගරස්‌ය. අංක තුළ ඇති ගුප්ත රහස්‌ ලොවට ප්‍රකාශ කළේa ඔහුය. අංක හා අක්‌ෂර ගසට පොත්ත මෙන් අපගේ ජිවිතය හා බැඳී පවතීs. මෙම විද්‍යාව මුලින්ම ආරම්භ කළේ ගී්‍රසියේය. ඉන්පසු පර්සියාව, ඊශ්‍රායලය, ඊජිප්තුව ආදී අරාබි රටවලත්, ඇමරිකාව, එංගලන්තය හා ඉන්දියාව ආදී රටවලත් ප්‍රචලිත විය. වර්තමානයේ ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාවේ මෙම විද්‍යාව ඉතා ප්‍රචලිත වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛ අංක විද්‍යා පුවත්පත් තුලින් අංක විද්‍යාව ආශ්‍රයෙන් පළකළ සත්‍ය වූ අනාවැකි 44 අතරින් ප්‍රබල අනාවැකි ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්‌ලින්ටන් මහතාගේ ආත්ම ගෞරවයට හානි ගෙනදෙන බවත්, ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වන බවත්, සුනාමිය හා 2016 ගංවතුර තර්ජනයක්‌ ඇතිවන බවටත් පළකළ අනාවැකි සත්‍ය වී ඇත.

විශේෂයෙන් අපේ රටට සිදුවන පාරිසරික විපත් පූර්ව හඳුනාගැනීමට අංක විද්‍යාව උපයෝගී කරගත හැක. මීට අමතරව අතිශයින් වැදගත් කරුණ වන්නේ පුද්ගල ජිවිතයේ ඉතා වැදගත කාරණා වන රැකියා, අධ්‍යාපන, රෝග පීඩා, අපල උපද්‍රව ආදිය පිළිබඳව කල්තියා දැනගත හැකිවීමෙන් අපට පූර්ව කළමනාකරණය කරගත හැකිය. අංක විද්‍යාවට අනුව පුද්ගලයෙකුට සෑම වසර 9 කට වරක්‌ මාරක බාධක ඇතිවන අතර සුබ කාලයන්ද උදාවේ. මෙම අපල සහිත කාලය යනු පුද්ගල කර්ම ශක්‌තිය හීන වන කාලයකි. ඒ සඳහා ආගමික කටයුතු වල නිරත වීම ඉතා වැදගත් වේ. අංක විද්‍යාවට අනුව පුද්ගල උපන් දිනය, දෛව අංකය හා නම ඉතා වැදගත් වේ. මෙම අංක තුලින් අපගේ දෛව රටාව පෙන්වා දෙනු ලැබේ. එසේම අපගේa මානසික රටාව , පෞරුෂය ගොඩනැගේ. අපගේ දෛවය වෙනස්‌ කිරීමට නම වෙනස්‌ කොට භාවිතා කිරීමෙන් යහපත් ධනලාභ, රැකියා මෙන්ම නීරෝගීභාවයද ලබාගත හැකිය. තවද නමේ අක්‌ෂර අනුව ධනය ලැබීමටද අසුබ අක්‌ෂර ඇති අතර, D යන අක්‌ෂර දෙකකට වඩා ඇති විට රෝගාබාධ වලට හේතු වේ.

ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට වඩා අංක විද්‍යාව ඉතා ගැඹුරු ශාස්‌ත්‍රයකි. එය අවබෝධ කරගැනීම සඳහා ඥනයක්‌ අවශ්‍ය වන අතර විශාල කාලයක්‌ යොදවා පර්යේෂණය කිරීමට සිදුවේ.

අංක විද්‍යාවට අනුව අනාවැකි පලකිරීම සඳහා අවශ්‍ය වන්නේ නම හා උපන්a දිනය පමණි. එමඟින් අපගේ දෛවය පෙන්නුම් කරයි. මෙම උපන් දිනය හා නම වෙනස්‌ වූ විට සකල පද්ධතියම දොaෂයට පත්වේ. මෙහිදී පුද්ගල නාමයට විවිධ අංක ආරෝපණය කරයි. භෂඵAඛ = 5+9+4+1+3=22 (2+2) = 4 මෙමඟින් පුද්ගල දියුණුව , රැකී රක්‌ෂා තත්වය, විදේශ ගමන්, දියුණුව, පිරිහීම ප්‍රකාශ කළ හැකිය. තවදුරටත් පුද්ගල උපන් දිනයෙන් උපන් අංකයද, දෛව අංක සොයා ගැනීsමෙන් අපගේ දෛව රටාව තීව්‍ර කරගත හැකි වේ. පුද්ගල පෞරුෂය මෙම අංක දෙක තුළ අන්තර්ගත වේ එය සමස්‌ත ජිවිතයයි.

නිදසුන (- 1964/10/4} දෛව අංකය 7 වන අතර උපන් අංකය 4 වේ.

අංක විද්‍යාවට අනුව අපගේ ජිවිතය අංකයක්‌ පමණි. එය විශ්වීය අංකයකි. නමුත් එය ගැඹුරු හා සංකීර්ණ දෙයකි. මෙය ලොව භෞතික හා අභෞතික සියලු දැ වලට බලපාන අතර එය චක්‍රයක්‌ මෙන් ගමන් කරයි. මිහිපිට ඇති සියලුම දැ වෙනස්‌ වන බව හා අවිනිශ්චිත බව මෙම විද්‍යාව තුලින් සනාථ කරයි.

අංක විද්‍යා උපදේශක
ප්‍රියන්ත ලාල් රත්නායක

(අංක විද්‍යාවෙන් ඔබේ දෛවය දැන ගන්න. අංක විද්‍යා උපදේශක
ප්‍රියන්ත ලාල් රත්නායක මහතා මුණ ගැසෙන්න- අමතන්න- 0771 077 074)

විශාල කර නැරඹිම සදහා ඉමේජය මත ක්ලික් කරන්න.

FireShot Screen Capture #007 - 'naka5' - www_divaina_com_2016_06_19_naka05_html
විශාල කර නැරඹිම සදහා ඉමේජය මත ක්ලික් කරන්න.