අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ තමන් තවදුරටත් ප්‍රජාතන්තවාදී පක්ෂයේ නායකයා නොවන බවයි.

එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ අලූත් රටක් ගොඩනැගීමට යන ගමනේදී සරත් ෆොන්සේකා මහතාගේ එක්වීම ශක්තියක් බවයි.