DCF 1.0

 

මන්නාරම, ඉලුප්පුකඩවෙයි ප‍්‍රදේශයේ ළිඳක තිබී තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.

ආර්.පී.ජී ලෝන්චරයක් හා ජොනි බට්ටන් කිහිපයක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ අතර සොයාගත් ජොනි බට්ටන් අධිකරණ නියෝගයක් මත නිෂ්ක්‍රීය කළ බවද ඒ මහතා පැවසීය.

චාවකච්චේරි, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමෙන් අනතුරුව වාර්තා වූ අලුත්ම සිද්ධිය මෙය වේ.

තවද  එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.