මාරාගෙන මැරෙන ඇදුමක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේදී එක් සැකකරුවෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල නිවසේ හිමිකරු බවයි වාර්තා වන්නේ.

මේ අතර යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.