power cuts

විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කළ සමාගමේ විශේෂඥයින් දෙදෙනෙකු මෙලෙස පැමිණීමට නියමිත බවයි.

පසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමට ලක්වු අතර සිකුරාදා දිනයේ දී ජාඇල කටුගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් ද පිපිරීමට ලක්වුණි.

මෙම ට්‍රාන්ස්ෆෝමර් පිපිරීම සම්බන්ධයෙන් අදාළ ජර්මානු විශේෂඥයින් පරීක්ෂණ පවත්වනු ඇති බව  සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.