පන්දුවාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් කඩුලු 06 ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ඒ, එංගන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06 ක් දැවී එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 182 ක්.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් තුලදී කඩුලු 04 ක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා. ක‍්‍රිස්ගේල් නොදැවී ලකුණු සියයක් රැස්කළා.

පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලදී ශතක දෙකක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා වන්නේද ක‍්‍රිස්ගේල් වීම විශේෂත්වයක්. 2007 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහි පැවති පන්දුවාර විස්ස තරගයකදී ක‍්‍ර‍්‍රිස්ගේල් සිය පළමු ශතකය ලබාගත්තා.

මේ අතර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 07.30 ට තරගය ආරම්භවනවා.