asia-cup-logo

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රි ලංකාව මුහුණ දෙන තෙවන තරගය අද ඉන්දියාව සමග ධකා හීදි ඇරඹිමට නියමිතයි.

මිට පෙර පැවති බංග්ලාදේශ තරගයයෙන් නොසිතු පරාජයක් අත් විදිමට ශ්‍රි ලංකා ක්ණ්ඩායමට සිදු වුනා. එම තරගය මෙහෙය වු ඇන්ජලෝ මැතිව්ස් එ පිළිබදව මාධ්‍ය හමුවේ අදහස් පලකලා.

මැදපෙළ කඩා වැටීම පරාජයට හේතුවක් වුවත්, පරාජයේ වගකීම සමස්ත කණ්ඩායම භාරගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් පැවසුවා.

“මැදපෙළ කඩා වැටුණු නිසා පිතිකරුවන්ට අනවශ්‍ය පහරවල් එල්ල කරන්න සිදුවුණා. කෙසේ නමුත් එක් අයෙකුට පමණක් පරාජයේ වගකීම භාරකරන් නැනැ, කණ්ඩායමක් වශයෙන් පරාජයේ වගකීම භාරගන්නවා”.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, බංග්ලාදේශ කණ්ඩායම කිසිදු විටක අවතක්සේරුකර තරගයට සහභාගි නොවුණු බවයි.

“ලකුණු 147 ක් හඹායාම අපහසු ඉලක්කයක් නෙමෙයි. අපේ පිතිකරු ලැයිස්තුවේ අංක 09 දක්වා පිතිකරුවන්ට හොදින් පන්දුවට පහරදෙන්න පුළුවන්. මෂ්රාෆි (මෂ්රාෆි මොර්ටාසා) හොදින් පන්දු යැවුවා. ඔහු පන්දු යැවීම ආරම්භ කිරීමත් සමග තරගය වෙනස් වුණා.ඒ හැරෙන්න තණතිල්ලේ කිසිදු වැරැද්දක් නැහැ” යනුවෙන් පැවසීය.