223960524rajitha

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (24දා) ශල්‍යකර්මයකට ලක්කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

රුධිර නාළ දෙකක පවතින සාමාන්‍ය අවහිරතා මගහරවා ගැනීම සඳහා මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, අදාළ රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගැනීම නිසා සාමාන්‍ය ශල්‍යකර්මයක් ලෙස එය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් බවත්, කල්තියා ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනවශ්‍ය අවදානම් තත්ත්වයක් මතුවීම වළක්වාගත හැකි බව වෛද්‍යවරුන් පවසා තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා සඳහන් කළේය.