shahrukh khan

බොලිවුඞ් සුපිරි නළු ශාරුක් ඛාන් සිය විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. ඒ, ඔහු උසස් අධ්‍යාපනයට සමුදී වසර 28කට පසුව වීම විශේෂත්වයක්.

ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ශාරුක් ලබාගෙන ඇත්තේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන්. ඔහු 1985- 1988 ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වුවද පැවති කාර්ය බහුලත්වය හේතුවෙන් ශාරුක්ට සිය උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබී නැහැ.

උපාධිය ලබාගැනීම සඳහා ඊයේ (16) විශ්ව විද්‍යාලයට පැමිණි ශාරුක්ට හිමිව තිබුණේ ඉහළ පිළිගැනීමක්. ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ඇතුලූ විශාල පිරිසක් විශ්ව විද්‍යාලයට පැමිණ සිටීමද විශේෂත්වයක්. සිය උපාධිය ලබාගන්නා විට ශාරුක්ඛාන් ගේ වයස අවුරුදු 50ක් වීමද තවත් විශේෂත්වයක්.

ඔහු සිය ටිවිටර් ට්විටර් ගිණුමේ ද මේ පිලබඳව සටහන් තබා තිබෙනවා