11`13`13`

මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත සිටින ලදී.

ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ බව වාර්තාවිය.

එලෙස රැඳී සිටි පිරිසට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්ථාවිය.

උපවාසකරුවන් පවසන්නේ කොළොන්නාව නගර සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදු කළ බව ය.

මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති වටපිටාවක එය පුළුල් කිරීමට යන බව පවසමින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ඔවුන් පැවසුවේ, කසළ බැහැර කිරීමේ ස්ථානය පුළුල් කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් යොමු කර ඇති බව ය.

ඊට එරෙහිව මී තොටමුල් කසල බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළහ.

එලෙස රැඳී සිටි පිරිසට මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සදහන්.